දස හැවිරිදි මිනිබිරිය අපයෝජනය කල සීයා අත්අඩංගුවට තවත් තරුණයන් දෙදෙනෙක් සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

දස හැවිරිදි මිනිබිරිය අපයෝජනය කල සීයා අත්අඩංගුවට තවත් තරුණයන් දෙදෙනෙක් සොයා පරීක්ෂණ

දස හැවිරිදි මිනිබිරිය අපයෝජනය කල සීයා අත්අඩංගුවට තවත් තරුණයන් දෙදෙනෙක් සොයා පරීක්ෂණ

සිය දස හැවිරිදි මිනිබිරියව බරපතළ ලෙස ලිංගික අපයෝජනය ලක් කළ බව කියන ඇගේ 62 හැවිරිදි සීයා සැකපිට අත්අඩංගුවට ගත් බවත් තවත් පිරිමි ළමුන් දෙදෙනෙක් සොයා පරීක්ෂණ ආරම්භකර ඇති බවත් මොරටුව පොලිසිය පවසයි.

 

මොරටුව, රාවතාවත්ත ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙහිදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය කියයි.

 

තමා සීයා සමඟ සිටින වීඩියෝවක් යතුරුපැදියකින් පැමිණි පිරිමි ළමුන් දෙදෙනෙකු විසින් මුහුණුපොතේ පළ කරන බවට තර්ජනයකර ඇති බවට දැරිය දෙමාපියන්ට දැනුම් දී ඇත. 

 

ඒ අනුව කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය දැරියගෙන් කල ප‍්‍රශ්න කිරීමේදී, සැකකාර සීයා විසින් දැරියව නිවසේ ඉහළ මාලයට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක්කළ බවට ප‍්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය පවසයි. 

 

දැරියගේ ප‍්‍රකාශ මත සැකකාර සීයා අත්අඩංගුවට ගෙන සිදුකල ප‍්‍රශ්න කිරීම් වලදී ඒ බව තහවුරු වී තිබේ. 

 

අදාළ දැරිය රෝහල් ගත කර ඇති අතර අධිකරණ වාර්තාවක් ලබාගැනීමට නියමිතව ඇත.

 

සැකකාර සීයා මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර යතුරුපැදියකින් පැමිණි බව කියන පිරිමි ළමුන් දෙදෙනා සොයා පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි. 

 

ගල්කිස්ස කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී ප‍්‍රදීප් වෙත්තසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්‍ෂණ ක්‍රියාත්මකයි.

views

1340 Views

Comments

arrow-up