ගුරු කමට නිගාදෙන ටියුෂන් ගුරාගේ පැටිකිරිය එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

ගුරු කමට නිගාදෙන ටියුෂන් ගුරාගේ පැටිකිරිය එළියට

ගුරු කමට නිගාදෙන ටියුෂන් ගුරාගේ පැටිකිරිය එළියට

නුගේගොඩ හා ගම්පහ යන ප්‍රදේශවල උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු සිය උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන් ඉදිරියට කැඳවා ඔවුන්ව දණගස්වා එම පන්තියේම සිසුවියන් ලවා පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

 

මෙම ගුරුවරයා ප්‍රසිද්ධියේ සිය පන්තිවල සිසුන්ට අසභ්‍ය වචනයෙන් බැණවදින අතර කලක සිට ඔහු මෙසේ උම්මත්තකයකු ලෙස හැසිරෙන බව ද පැවසේ.

 

වර්තමාන රජයේ ඉහළ පෙළේ නායකයන් සමග සම්බන්ධතා පවතින බව හැඟවෙන ඡායාරූප සිය මුහුණුපොතේ පළකර ඇති මෙම පුද්ගලයා, සිය උපකාරක පන්තියේදී ද දේශපාලන කයිවාරු ගසමින් කාලය නාස්ති කරන බව පැවසේ.

 

තරුණ සිසුන්ගේ අභිමානය කෙලෙසන මෙවැනි ගුරුවරුන් පිළිබඳ වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරන සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ, මෙවැනි උම්මත්තක හැසිරීමක් ප්‍රදර්ශනය කරන ගුරුවරුන් සිසු සිසුවියන්ගේ ආකර්ෂණය ලබාගැනීමේ අරමුණින් මෙවැනි බොළඳ ක්‍රියාවල නිරත වන බවයි.

 

කෙසේ වෙතත් මෙම ගුරුවරයා සිසුන් දණගස්වා සිසුවියන් ලවා පහර දෙමින් සිදුකරන ලද හිංසනයට එරෙහිව ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිසිය වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔවූහු අවධාරණය කරති.

views

265 Views

Comments

arrow-up