මාලිගාවත්තේ වෙඩි තැබීමක් -පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

මාලිගාවත්තේ වෙඩි තැබීමක් -පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ

මාලිගාවත්තේ වෙඩි තැබීමක්  -පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ

මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලැබු පුද්ගලයෙකු රෝහල් ගත කර තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ පස්වරු 5.00ට පමණ අදාළ වෙඩි වැදීම සිදුව ඇති බවයි.

 

වෙඩි වැදිමෙන් තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ 35 හැවිරිදි ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින පුද්ගලයෙක්.

 

මෙම වෙඩි තැබීම කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මාලිගාවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

views

664 Views

Comments

arrow-up