කවසකි රාේගී දරුවන් ශ්‍රී ලංකාවේත් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

කවසකි රාේගී දරුවන් ශ්‍රී ලංකාවේත් හමුවෙයි

කවසකි රාේගී දරුවන් ශ්‍රී ලංකාවේත් හමුවෙයි

දරුවන් අතර පැතිර යන කවසකි රෝගය මේ වන විට ලොව පුරා විවිධ රටවල හිස ඔසවමින් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

කවසකි රෝගය වැළඳීමෙන් මිය ගිය පළමු දරුවා ප්‍රංශයෙන් වාර්තා වුණා. ඒ 9 හැවිරිදි පිරිමි දරුවෙක්. ස්නායු පද්ධතියට බලපෑම් එල්ල වීමෙන් ඔහුගේ මරණය සිදුව ඇති බවයි වෛද්‍ය විශේෂඥයන් සඳහන් කළේ.

 

මෙම රෝගය කොරෝනා වෛරසය සමග ද සම්බන්ධයක් ඇති බවට වෛද්‍යවරුන්ගේ සැක පහළ වී තිබෙනවා.

 

මිය ගිය දරුවාට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඔහු රෝහලේ දවස් 7 ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවයි ජීවිතක්‍ෂයට පත්වුණේ.

 

අධික උණ  සමේ කුෂ්ට ඇති වීම සහ උදරයේ වේදනාවක් ඇති වීම රෝග ලක්‍ෂණයි. රෝගයෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ටයි.

 

‘කවසකි’ රෝගී දරුවන් වසරකට සාමාන්‍යයෙන් 50-100ත් අතර රිජ්වේ ආර්යා ළමා රෝහලටත් වාර්තා වන බව එම රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සදහන් කරනවා.

 

 

views

834 Views

Comments

arrow-up