මාර්ග සහ එළිමහන් ස්ථාන විෂබීජ හරණය කිරිම අවධානම් – ලෝක සෞඛ්‍ය සංවිධානය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

මාර්ග සහ එළිමහන් ස්ථාන විෂබීජ හරණය කිරිම අවධානම් – ලෝක සෞඛ්‍ය සංවිධානය

මාර්ග සහ එළිමහන් ස්ථාන විෂබීජ හරණය කිරිම අවධානම් – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඇතැම් රටවල් විසින් කොරෝනා වෛරසය මැඩලීම සඳහා මහ මාර්ග සහ පදිකවේදිකා විෂබීජ හරණය කිරිමෙන් බලාපොරොත්තු වෙන ප්‍රථිපල නොලැබෙන බවත් ඒ හරහා සෞඛ්‍ය අවධානමක් ඇතිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

 

” වීදි හෝ වෙලදපොල වැනි එළිමහන් අවකාශයන් විෂබීජ හරණ ද්‍රාවණයන් ඉසීම හෝ ධුමකරණය කිරිමෙන් කොරෝනා හෝ වෙනත් වෛරසයක් විනාශ කළ නොහැකි බව” ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

 

රෝග කාරක වෛරසයන් අක්‍රීය කිරිම සඳහා රසායනික ද්‍රව්‍ය විදීවල ඉසීමෙන් සහ විෂබීජ හරණ කුටි මගින්ද මිනිස් සෞඛ්‍යට අනතුරුදායක තත්ත්වයන් ඇතිවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටින්නේ.

 

මිනිසුන් මත ක්ලෝරීන් හෝ වෙනත් විෂ රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් ඇස්, සමේ සහ අමාශයේ රෝග තත්ත්වයන් මතුවිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

views

944 Views

Comments

arrow-up