විදුලි බිල්පත්වල වැඩිපුර මිල සඳහන් වීම අත්වැරදීමක්ලු – වහාම නිවැරදි කරන්නැයි උපදෙස්

ඇතැම් පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් සඳහා වැඩිපුර මිල සඳහන් කිරීමෙන් විදුලි බල මණ්ඩලයෙන් සිදුව ඇති අත්වැරදීම වහාම නිවැරදි කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
මාස 2 ක විදුලි ගාස්තු ලෙස වැඩිපුර මිල සඳහන් කරමින් ඇතැම් පාරිභෝගිකයන්ට විදුලි බිල්පත් ලැබී ඇති බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළ අතර එහිදී තහවුරු වී තිබෙන්නේ එය එම මණ්ඩලයේ අත්වැරදීමක් බවයි. එය වහාම නිවැරදිකර විදුලි බිල්පත් පාරිභෝගියන් වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
විදුලි බිල්පත් අය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා උදෙස් ලබා දුන්නේ කිසිදු අමතර ගාස්තුවකින් තොරව විදුලි බිල්පත් ලබා දීමට පියවර ගන්නා ලෙසයි.
701 Views
Comments