ගෑස් සිලින්ඩර් 230ක් සඟවා ගෙන සිටි අලෙවි නියෝජිතයෙක් පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
16

ගෑස් සිලින්ඩර් 230ක් සඟවා ගෙන සිටි අලෙවි නියෝජිතයෙක් පොලිස් දැලේ

ගෑස් සිලින්ඩර් 230ක් සඟවා ගෙන සිටි අලෙවි නියෝජිතයෙක් පොලිස් දැලේ

වැඩි මිලට අලෙවි කිරීම සඳහා නිවසක ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 230ක් සමග සැකකරුවෙකු ඊයේ (අප්‍රේල් 15) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසයි.

 

මෙම වැටලීමේදි කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 177ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩර් 28ක්, කිලෝග්‍රෑම් 2.3 ගැස් සිලින්ඩර් 25ක් වැටලීමේදී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

 

නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ නාවලපිටිය අලෙවි නියෝජිතයාට නිකුත් කරන ලද ගෑස් තොගය පාරිභෝගිකයන්ට අලෙවි නොකර අලෙවි නියෝජිතයාගේ නිවසේ සඟවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිට ඇති බවට අනාවරණය වී ඇතැයි නුවරඑළිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියෙකු පවසා තිබේ.

 

නාවලපිටිය ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් හිගයක් පැවතීම සහ තම අලෙවි නියොජිතයාට අලෙවි කරනු ලබන ගෑස් සිලින්ඩර් පාරිභෝගිකයන්ට ලබා නොදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සමාගම විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මධ්‍යම, ඌව, සබරගමු පළාත් භාර ජ්‍යෙෂ්ඨ කළමණාකරු සාරංග විජේසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

 

අත්අඩංගුවට ගත් ගෑස් තොගය සහ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහේස්ත්‍රාත්වරයාගෙන් ලැබෙන නියෝගය මත පොලිස් භාරයට ගත් ගෑස් සිලින්ඩර් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරට ත් පැවසීය.

views

974 Views

Comments

arrow-up