රට පුරා උත්ඝෝෂණ පවත්වා ගුරු දිනය සැමරීමට වෘත්තිය සමිති සූදානමින්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

රට පුරා උත්ඝෝෂණ පවත්වා ගුරු දිනය සැමරීමට වෘත්තිය සමිති සූදානමින්

රට පුරා උත්ඝෝෂණ පවත්වා ගුරු දිනය සැමරීමට වෘත්තිය සමිති සූදානමින්

හෙටට යෙදෙන ගුරු දිනය  මෙරට වෘත්තීය සමිතිය විසින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වා සැමරීමට සූදානම් බව ලංකා ගුරු සංගමය සඳහන් කරනවා.

 

සිය වැටුප් විෂමතා ගැටළු විසදන ලෙස රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් පවත්වාගෙන ගිය විරෝධතා රැලි නිරෝධාය ඇඳිරි නීතිය පැනවීමත් සමග තාවකාලිකව අත්හිටුවා තිබුණා.

 

මේ වන විට දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර  හෙට දිනයේ පවත්වන උද්ඝෝෂණ සියල්ලම සෞඛ්‍ය මාර්ග උපදේශයට අනුව පවත්වන බව ලංකා ගුරු සංගමය සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරනවා.

 

කෙසේ නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ වෛරසය මුළුමනින්ම පාලනය කර නොමැති පසුබිමක මෙලෙස සිදුවන ජනතා ඒකරාශී වීම් හරහා වෛරසය නැවතත් ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවයි .

views

1112 Views

Comments

arrow-up