දෙමටගොඩින් හමුවූ ලක්ෂ දෙසීයක අයිස් මත්ද්‍රව්‍ය
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
23

දෙමටගොඩින් හමුවූ ලක්ෂ දෙසීයක අයිස් මත්ද්‍රව්‍ය

දෙමටගොඩින් හමුවූ ලක්ෂ දෙසීයක අයිස් මත්ද්‍රව්‍ය

රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමක් සහිත අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ,  ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ය.

 

දෙමටගොඩ බේස්ලයින් පාර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී  කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැටලීම සිදුකර තිබුණි.

 

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඔරුගොඩවත්ත 'චප්පා' නමැත්තෙකි.

 

අනෙක් සැකකරු ත්‍රීරෝද රථයේ රියදුරා වන බොරැල්ල සහස්පුර පදිංචිකරුවෙකි.

 

ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1580 ක් පොලිස් භාරයට ගෙන ඇත.   

views

223 Views

Comments

arrow-up