සීදූව බෝඩිං කාමරයේදී දෙදරු මව ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

සීදූව බෝඩිං කාමරයේදී දෙදරු මව ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

සීදූව බෝඩිං කාමරයේදී දෙදරු මව ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට

සීදූව ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළදී දෙදරු මවක් ඝාතනය කළ සැකකරු වේදනානාශකයක් අධි මාත්‍රාවන් ලබා ගැනීමෙන් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22ක් වූ මඩංවල, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

සැකකරු බලංගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් යටතේ බලංගොඩ මුලික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.

 

රද්දොළුව, මුතුවාඩිය පාරේ පිහිටි එම බෝඩිං කාමරයකදී 27 හැවිරිදි දෙදරු මව ව ඝාතනය කර තිබුණේ, පසුගිය 14 වනදාය.

 

ඇය අනුරාධපුර, පමුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවක් වන දිලිනි සසිකලා ප්‍රියභාෂිනී නම් කාන්තාවකි.

 

පොලීසිය සැක කළේ, මෙම ඝාතනය සිදුකර ඇත්තේ, ඇය කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ බවට සැකකෙරෙන 22 හැවිරිදි මෙම තරුණයා විසින් බවය.

 

එම තරුණයා සීදුවේ පිහිටි මියගිය කාන්තාව ජීවත් වූ බෝඩිං කාමරයට අවස්ථා කිහිපයකදීම පැමිණ ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි. 

 

ඝාතන සිද්ධියෙන් පසු බෝඩිං කාමරයට ගිය පොලිසියට නිරීක්ෂණය වී තිබුණේ, තොණ්ඩුවක් ද එම කාමරය තුළ සකසා තිබූ ආකාරයකි. 

 

ඝාතනයෙන් පසු සැකකරු ද සිය දිවි නසාගැනීමේ සූදානමක් තිබෙන්නට ඇති බව පොලීසිය සැක පළකළේය.

 

ඝාතනය සිදුවූ 13 වැනිදා රාත්‍රියේ මෙම කාමරයේ සිටි සැකකරු ඉන් පිටව ගොස් ඇත්තේ පසුදින උදෑසන බවට බෝඩිං කාමරයේ හිමිකරු දැක තිබුණි. 

 

එම ඝාතනයෙන් පසු සැකකරු සම්පූර්ණ සිද්ධිය සිය මිතුරෙකුට දුරකථනය ඔස්සේ පාපොච්චාරණය කර තිබිණි.

views

261 Views

Comments

arrow-up