ජනපති ගෝඨාභයව අත්අඩංගුවට ගන්න හැදූ හැටි ඇවන්ට්ගාඩ් සේනාධිපති හෙළි කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

ජනපති ගෝඨාභයව අත්අඩංගුවට ගන්න හැදූ හැටි ඇවන්ට්ගාඩ් සේනාධිපති හෙළි කරයි

ජනපති ගෝඨාභයව අත්අඩංගුවට ගන්න හැදූ හැටි ඇවන්ට්ගාඩ් සේනාධිපති හෙළි කරයි

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද දෙවන දිනටත් පෙනී සිටියා.

 

කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකළා.

 

" දේශපාලන පලි ගැනීම කොහොමද කරේ.... ඇවන්ගාඩ් ආයතනයට ගහලා වත්මන් ජනාධිපතිවරයාව අපහසුතාවයට පත් කරලා ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ දේශපාලනඥයො කොහොමද ක්‍රියා කළේ.... 

 

විශේෂයෙන් CIDයට වෙන කණ්ඩායම් 5 ක් මාරු කරලා ඒ අයට අවශ්‍ය දේවල් ලියෝ ගන්න.... අල්ලස් හා දූෂණ දෙපාර්තමේන්තුවේ තුන් පාරක් කණ්ඩායම් මාරු කරලා අවශ්‍ය දේවල් ලියාගන්න....

 

නීතිපති කරපු බලපෑම්... සුහද ගම්ලත් මහතා ඒ පිළිබඳව ප්‍රකාශ කළා.... ඒ සියල්ල අපි අද ඉදිරිපත් කරනවා....

 

විශේෂයෙන්ම මං කියන්න ඕනේ මේ රටේ ජරා දේශපාලනඥයෝ කොහොමද බලපෑම් කළේ බලපෑම් කරපු හේතු ඇයි ? ....

 

කප්පම් ගත්තු ආකාරය.... නම් ගම්... හඬ පට... ජනාධිපති කොමිසමේ අද අද සහ එදින පැවැත්වෙන කොමිෂන් සභාවේ විමර්ශන වලදී උසාවියේ දී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා....නම් ගම් ඇතිව..."

views

718 Views

Comments

arrow-up