NOV
20
IDH රෝහලේ සිටි කොවිඩ් ආසාදිත මව සහ පුතු පැන යයි

කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවක් සහ ඇයගේ වයස අවුරුදු දෙකහමාරක් වයසැති දරුවා සමග කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේ පළා ගොස් ඇති බව වාර්තා වනවා.
මෙම කාන්තාව සහ ඇයගේ දරුවා ඊයේ රාත්‍රී 9.10 ට පමණ රෝහලෙන් පළා ගොස් ඇති අතර ඔවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.
මෙසේ පළා ගිය කොවිඩ් ආසාදිත මව සහ දරුවා සොයා ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
578 Views
Comments