කොවිඩ් පාලනයෙන් අපි ෆේල් නෑ - හමුදාපති

රට තුළ කොවිඩ් පාලනය කිරීමේ ක්‍රියාවලිය ආර්ථිකයට හා ජනතාවට අවම පීඩනයක් එල්ලවන සේ ඉටුකරමින් පවතින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු යුද හමුදාපතිවරයා,
“අපි ෆේල් නෑ. කිසිසේත්ම ෆේල් නෑ. කොහොමද ෆේල් වෙන්නේ. මෙච්චර ජන ඝනත්වයක් ඇති කොළඹ අපි මෙහෙම පාලනය කරලා තියෙනවා. රටේ මත්ස්‍ය වෙළෙඳසැළ මුළු රටටම මාළු ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානයක්. එතනින් තමයි ඇති වුණේ. උදාහරණයක් වශයෙන් ගත්තහම මිනුවන්ගොඩ ඇති වුණ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණා. 3106ක් ආසාදිතයින් වුණා. ඒක හරි. නමුත් මේ පොකුර රට පුරා විශාල වශයෙන් පැතිරුණ නිසා තමයි රටේ විවිධ ප්‍රදේශවලටත් මේ ආකාරයෙන් ගියේ. ඉතින් අර කිව්ව විදියට අපි කිසිසේත්ම ෆේල් නැහැ. ෆේල් වෙන්නෙත් නෑ. ෆේල් වෙන්නෙත් නෑ. රටේ හොඳ නායකත්වයක් ඉන්නවා. රජයක් සිටිනවා. කාර්ය සාධක බලකායට තෝරාගත් බලකායක් ඉන්නවා. අපේ විශ්‍රාම ගිහින් ඉන්න අයත් පිටරට ඉන්න අයත් මේකට උදව් කරනවා. ඔක්කොම එක්ක එකතු වෙලා අපි මේක කරනවා.“
600 Views
Comments