දිවයින පුරා යළි තෙල් පෝලිම්

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිට ක්‍රියාත්මක වේ.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹ තිබේ.
ඉන්ධන නොමැතිවීම හේතුවෙන් පිරවුම්හල් මේ වනවිට වසා දමා ඇති බව සමස්ත ලංකා ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු පැවසීය.
ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් දුම්රිය මගින් 40%ක ඉන්ධන ප්‍රවාහනය තවදුරටත් පුළුල් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.
611 Views
Comments