මම ගෙදර යනවට පවුලෙ කට්ටිය කැමති නෑ.. - අගමැති මහින්ද
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

මම ගෙදර යනවට පවුලෙ කට්ටිය කැමති නෑ.. - අගමැති මහින්ද

මම ගෙදර යනවට පවුලෙ කට්ටිය කැමති නෑ.. - අගමැති මහින්ද

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තව දුරටත් එම තනතුරේ රැඳී සිටින ලෙස රාජපක්ෂ පවුල තුළින්ම දැඩි බලපෑම් එල්ල වෙමින් ඇති නිසා බව වාර්තා වේ.


මේ වන විට පවුලේ එක් සාමාජිකයකු හෝ දෙදෙනෙකු හැරුණු විට අන් සියලු දෙනාගේම ඉල්ලීම වී ඇත්තේ මහින්ද රාජපක්ෂ තව දුරටත් අගමැති ධුරයේ රැඳී සිටීමය.


කෙසේ වෙතත් එම හේතුව මත අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වුවත් පවුලේ බලපෑම මත තවදුරටත් එම අගමැති ධුරයේ රැඳී සිටින බව වාර්තා වේ.


පවතින සෞඛ්‍ය තත්ත්වය යම් පිරිහීමට ලක්ව ඇති නිසා විවේක ගත යුතු යයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතත්, එම තත්වය නොසලකා හරිමින්  තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටින්නේ පවුලේ සාමාජිකයන් විසින් කරන දැඩි ඉල්ලීම මත බව වාර්තා වේ.

views

800 Views

Comments

arrow-up