සැමියා විසින් තම බිරිඳව තියුණු ආයුධයකින් පහරදී මරා දමයි

දඹගල්ල දැලිව ප්‍රදේශයේ දී කාන්තාවකට ඇයගේ පුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත.
පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල සහිතව ඊයේ (28) සවස මොනරාගල සිරිගල රෝහලට ඇතුළත් කිරීමේ දී ඇය මියගොස් ඇති බව දඹගල්ල පොලීසියට පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි දැලිව රුවල්වෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.
පවුල් ආරවුලක් මත ඇති වු බහින්බස්වීමක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදු වී ඇති බවට පොලීසිය කළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකළ 34 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දඹගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
657 Views
Comments