මෙරට අලුතින් සංවේදී පරිසර කලාප 4ක් හඳුනාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

මෙරට අලුතින් සංවේදී පරිසර කලාප 4ක් හඳුනාගනී

මෙරට අලුතින් සංවේදී පරිසර කලාප 4ක් හඳුනාගනී

ශ්‍රී ලංකාව තුල සංවේදී පරිසර කලාප හතරක් අලු‍තින් හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

 

මානෑව, එළුවන්කුලම, ගඟේවාඩිය සහ ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතව මෙම සංවේදී පරිසර පද්ධති හඳුනාගෙන ඇත.

 

ඒ අනුව දැනටමත් එම පරිසර කලාප සංවේදී පරිසර කලාප වශයෙන් නම් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

views

750 Views

Comments

arrow-up