කොරෝනා මෘතදේහ භූමිදානය ගැන විද්‍යාත්මකව තහවුරු කිරීම අත්‍යවශ්‍යයි -GMOA

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන රෝගීන්ගේ මෘතදේහ ආදාහනය නොකර භූමිදානය කිරීමට නම් සම්බන්ධයෙන් විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඒ සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් මගින් විද්‍යාත්මක පදනමක් මත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව රජයට යෝජනා කළ බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියා.
අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මරණ භූමිදානය කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කර තිබෙනවා.
භූගත ජලය දේශගුණික කලාප සලකා බලා විවිධ අංශ ඔස්සේ සාකච්ඡා කර කමිටුවක් මගින් තීරණය ගත යුතු බවයි ඔවුන් යෝජනා කර ඇත්තේ.
එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දුන් බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියා
690 Views
Comments