හෙට සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවට ජනතාව පැමිණීම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

හෙට සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවට ජනතාව පැමිණීම අත්හිටුවයි

හෙට සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවට ජනතාව පැමිණීම අත්හිටුවයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වැළක්වීමේ පියවරක් ලෙස 2020 නොවැම්බර් මස 02 වන දින සිට නැවත දැනුම් දෙනතුරු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මගින් ලබා ගත යුතු අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරි දිනයන් වල පෙරවරු 8.00 සිට 4.30 දක්වා පහත දුරකථන අංක මගින් හෝ ඊ මේල් මගින් අදාළ අංශ සම්බන්ධ කොට ගෙන උපදෙස් ලබා ගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 


එසේම මහනුවර, වවුනියාව, මාතර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල අත්‍යාවශ්‍ය අවස්ථා වලදී ගමන් බලපත්‍ර ලබා දීම සඳහා විවෘතව තැබෙනවා.

 

ඒ අනුව රට තුළ පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසි වලට යටත්ව 070 -7101060, 070- 7101070 යන අංක මගින් දිනයක් හා වෙලාවක් වෙන් කොට ගන්න ලෙසද ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

views

774 Views

Comments

arrow-up