සංචරණ සීමා ගැන අලුත්ම නිවේදනය මෙන්න

දිවයිනටම පූර්ණ සංචරණ සීමා පැනවීමක් ඉදිරියේදී සිදු නොකිරීමට දැනට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කෙසේ නමුත් පළාත් අතර සංචරණ සීමා පෙර පරිදි ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා සදහන් කළා.
තවද අවශ්‍ය වුවහොත් නැවත සංචරණ සීමා පැනවීමට ඉඩකඩ ඇතැයි ද හෙතෙම කියා සිටියා.
කෙසේ නමුත් උත්සව සාද හා මහජන ඒකරාශී වීම් තවදුරටත් තහනම් කෙරෙන බවද යුද හමුදාපතිවරයා පවසනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (25) පැවැති කොරෝනා මර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණයන්ට එලැඹ තිබෙනවා.
842 Views
Comments