එරාවූල් දණ ගැස්වීම් දුරදිග යයි

සංචරණ සීමා උල්ලංඝනය කළ පිරිසක් එරාවූල් නගරය තුළ දණ ගැස්වීම සම්බන්ධයෙන් යුද හමුදා නිළධාරින් පිරිසකට එරෙහිව විමර්ශන ආරම්භ කොට තිබෙනවා .ඒ මහජන පීඩාව සිදු කිරීමේ චෝදනා මතය.
මීට අදාළ ජායාරූප සමාජ මාධ්‍ය වල පළ වී තිබූණා.
ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ උපදෙස් මතයි මේ විමර්ශන ආරම්භ කරලා තිබෙන්නේ.
එම විමර්ශන වලට අදාළව මීට සම්බන්ධ නිළධාරින් රාජකාරි වලින් ඉවත් කිරීමටද කටයුතු කරලා තිබෙනවා.
කෙසේ වෙතත් එරාවූල්හී ජනතාව නිරන්තරයෙන් සංචරණ සීමා උල්ලංඝනය කරමින් සහ මුහුණු ආවරණ නොපලදමින් කටයුතු කරන බවටයි වාර්තා වෙන්නේ.
ඒ නිසා යුද හමුදාව දඩුවමක් වශෙයෙන් මෙලෙස ජනතාව ගිනි අව්වේ දණගස්වා තිබෙනවා.
965 Views
Comments