ටික්ටොක් බිළිගත් පාසල් සිසුවා

ටික්ටොක් හේතුවෙන් මෙරට පාසල් ශිෂ්‍යයකු වූ අවාසනාවන්ත ලෙස මිය යෑමේ සිද්ධියක් මීගමුවෙන් වාර්තා වෙනවා.
කොරෝනා හේතුවෙන් දීර්ඝ කාලයක් පාසල් වසා දැමීමෙන් පසුව නැවතත් පාසල් පසුගිය දිනයන්හි ආරම්භ කළ අතර මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටි පාසල් සිසුවෙකු සුපුරුදු පරිදි පාසල වෙත පැමිණ සිය ජංගම දුරකථනයෙන් ටික් ටොක් වීඩියෝවක් රෑගත කොට තිබෙනවා.
පසුව ඔහු මෙය ටික්ටොක් සමාජ මාධ්‍යයේ පළ කොට ඇති අතර පසුව ගුරුවරුන් මේ බව ඔවුන්ගේ දෙමව්පියන්ට සැල කෙරෙන බව පැවසීමත් සමග ඔහු භීතියට පත්ව තිබෙනවා.
16 හැවිරිදි වියේ පසුවන මෙම සිසුවා පසුව නිවසට පැමිණ ගෙලවැලලා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම සිසුවා වැසිකිළියට ගොස් මෙම සිදුවීම කොට ඇති බවද සදහන්.
1308 Views
Comments