කොවිඩ් තහනමින් පසු පළමුවරට විදේශිකයන් පිරිස මත්තලට

කොරෝනා වසංගත තත්වය සමග විදේශීය සංචාරකයන් සඳහා වසා තිබූ මෙරට ගුවන්තොටුපළ මාස 09 කට පසුව නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් අද (28) මත්තල ගුවන්තොටුපළ වෙත ළඟා විය.
ඒ ස්කයිඅප් ගුවන්සේවයේ SkyUp Airline PQ555 දරන ගුවන්යායෙනි.
එම යානය තුළ නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු සිටින අතර , මෙම සංචාරකයන් පිරිස ගුවන් තොටුපළ බැස්සවීමෙන් පසුව යළිත් අද ආපසු පිටත්ව යාමට නියමිතය .
මෙය Travel Bubble සංකල්පය යටතේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක කරන්නකි. මෙහි සාර්ථකභාවය මත ඉදිරියේදී සියලු ගුවන්තොටුපළ විවෘත කරෙ, පුළුල් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සිදු කිරීමට නියමිතය.
589 Views
Comments