නිල රථ නොමැතිව පොලිස් ස්ථානාධිපතිවරුන් 90 ක් රෝද තුනෙන් යයි

දිවයින පුරා ස්ථාපිත 610 කට ආසන්න පොලිස් ස්ථාන අතරින් පොලිස් ස්ථාන 90 ක ස්ථානාධිපතිවරුන්ට රාජකාරී ජීප්රථ නොමැති බව වාර්තා වනවා.
ඒ වෙනුවට එම පොලිස් ස්ථානවලට ත්‍රීරෝද රථ පමණක් දැනට ලබාදී ඇති බවයි වාර්තා වුණේ.
එම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරයා ඇතුළු සියලු නිලධාරීන්ට රාජකාරී කටයුතු සිදුකිරීම සඳහා භාවිතයට ගැනීමට සිදුව ඇත්තේ එම ත්‍රීරෝද පමණයි.
ඒ හේතුවෙන් එවැනි පොලිස් ස්ථානවල නිලධාරීන් අසීරුතාවන්ට ලක්ව තිබෙනවා.
748 Views
Comments