පාන් මිල වැඩි කිරීමට ගත් තීරණයට වුණ දේ

පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබේ.
ඒ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුවයි.
රජය මැදිහත්වී තිරිගුපිටි මිල පහත දැමිය යුතු බවට බේකරි හිමියන්ගේ සංගමය විසින් යෝජනා කර තිබූ අතර එළඹෙන සදුදාට පෙර තිරිගු පිටි මිල අඩු නොවුණහොත් පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ද අනෙකුත් බෙකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 ත් 10 ත් අතර ප්‍රමාණයකින් ඉහළ දමන බව ද එම සංගමය සභාපති වරයා මින් පෙර කියාසිටියා.
1088 Views
Comments