බොරැල්ලේදී තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ

18 හැවිරිදි තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සිද්ධියක් බොරැල්ල,හල්ගහවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ රාත්‍රියේ දී කැපුම් තුවාල සහිතව එම තරුණයා, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිසිය සඳහන් කළේ.
ඝාතනය සිදුකර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත බව දැනට අනාවරණය වී තිබෙනවා.
මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකපිට බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
629 Views
Comments