සූරියවැව ක්‍රීඩාංගණ පරිශ්‍රයේ නව ජාතික පාසලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

සූරියවැව ක්‍රීඩාංගන පරිශ්‍රයේ ද්වි භාෂා ජාතික පාසලක් ඉදිකිරීමට රජයෙන් තීරණයක් ගෙන තිබෙනවා.
දැනට පවතින ක්‍රීඩා පාසල් 26ක යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගන පරිශ්‍රයේ ක්‍රිකට් ක්‍රීඩා පාසැල යනුවෙන් ද්වි භාෂා නව ජාතික පාසලක් ආරම්භ කර සංවර්ධනය කිරීම හා 2021 වසරේ සිට 6 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ඇතුලු තවත් සංවර්ධන යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අධ්‍යාපන අමාත්‍ය හා තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය වරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
814 Views
Comments