නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර

නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය වැඩිකිරීමට පියවර

නැගෙනහිර පළාතේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂයක් දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

 

දැනට දෛනිකව නිෂ්පාදනය කරන ලීටර් 57000ක ප්‍රමාණය ලක්ෂයක් දක්වා වැඩි කිරීමේදි එම කිරි ගවයන්ට අවශ්‍ය ආහාර සහ ජලය වැඩි කර ගැනිමේ ක්‍රමවේදයක් සකසන්නැයිද ආණ්ඩුකාරවරිය පළාත් පශු සම්පත් ප්‍රධානීන් හමුවේ අවධාරණය කළාය.

 

රේඛිය අමාත්‍යංශය හරහා පළත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට ලබා දෙන ප්‍රතිපාදන  වලින් සිදු කිරීමට නියමිත ව්‍යාපෘතින් පිළිබඳ පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පැවති හමුවකදී ඇය  මේ බව කියා සිටියාය.

 

කන්තලේ ප්‍රදේශයේ ප්‍රචලිතව පවත මුදවපු මි කිරි නිෂ්පාදන “කන්තලේ කිරි” නමින් විදේශ වෙළඳපොළ දක්වා අපනයනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘතියකුත් ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කරන බවද ආණ්ඩුකාරවරිය කීවාය.

views

626 Views

Comments

arrow-up