NOV
17
අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා ඉහලට

රටේ පවතින මූල්‍ය අර්බුදය හමුවේ අන්තර්ජාලය හරහා සිදුවන මූල්‍ය වංචා ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණිලි ලැබී ඇති බවයි.
ෆේස්බුක්, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය යොදා ගනිමින් මෙම මූල්‍ය වංචා සිදුව ඇති බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මේ අතර අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ දී සිදුවන මූල්‍ය වංචා ද ඉහල ගොස් තිබේ.
232 Views
Comments