කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුක ගින්නක්

කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුක ගින්නක්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා වාට්ටුවක ගින්නක් හටගෙන තිබේ.

 

ඊයේ (10) සවස 6.30ට පමණ පිළිකා වාට්ටු ගොඩනැගිල්ලේ දෙවන මහලේ දී මෙම ගින්න හටගෙන තිබුණි.

 

පිළිකා වාට්ටුවේ වායු සමීකරණ යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇතැයි අනාවරණය වී ඇත.

 

ඒ සමඟ ම වාට්ටුවේ සිටි සියලු රෝගීන් ඉවත් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන තිබුණි.

 

පසුව ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 02ක් උපයෝගී කරගනිමින් එම ගින්න නිවා දමා තිබේ.

 

 

views

224 Views

Comments

arrow-up