සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා යෑම අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
03

සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා යෑම අත්හිටුවයි

සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා යෑම අත්හිටුවයි

සංචාරක වීසා මගින් විදේශ රටවල රැකියා සඳහා පිටත්ව යෑම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ.

 

සංචාරක වීසා මගින් විදේශගත වූ කාන්තාවන්ට රැකියා නොලැබීම, හිරිහැර විඳීමට සිදුවීම, සිරගත වීම සහ අතරමන් වීම ආදී කරුණු පිළිබඳ තොරතුරු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

 

ඒ අනුව ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියළුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා සංචාරක වීසා මගින් කාන්තාවන් යැවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

 

 

views

198 Views

Comments

arrow-up