විශ්වවිද්‍යාල සිසු පා ගමන වැළැක්වීමේ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
02

විශ්වවිද්‍යාල සිසු පා ගමන වැළැක්වීමේ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

විශ්වවිද්‍යාල සිසු පා ගමන වැළැක්වීමේ පොලිසියේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි

අද කොළඹදී පැවැත්වීමට නියමිතව විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමන වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 

මෙම පාගමන කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සිට වෝඩ් පෙදෙසෙහි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

 

මංමාවත් කිහිපයකට ඇතුල් වීම වළක්වමින් නියෝගයක් දෙන ලෙස කුරුඳුවත්ත පොලිසිය විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ පා ගමන් කරුවන් සාමය කඩවන ආකාරයෙන් කටයුතු කළහොත් ඔවුන්ට විරුද්ධව අපරාධ නඩු විධාන යටතේ කටයුතු කරන ලෙසයි.

views

791 Views

Comments

arrow-up