විදුලි සැපයුම අද රාත්‍රියේ සිට යළිත් අවධානමක
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

විදුලි සැපයුම අද රාත්‍රියේ සිට යළිත් අවධානමක

විදුලි සැපයුම අද රාත්‍රියේ සිට යළිත් අවධානමක

අද පස්වරු 07 පමණ වන විට ප්‍රධාන විදුලි පද්ධතියට තවත් මෙගාවොට් 63 ක ප්‍රමාණයක් අහිමිවීමේ අවධානමක් මතුව තිබෙනවා. ඒ, සපුගස්කන්ද විදුලි බලාගාරයේ “බී” කොටසේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන තොග අවසන්වීම හේතුවෙනි.

 

ඒ අනුව බොහෝ විට මෙරට විදුලි ඉල්ලුම වැඩිම වේලාව වන රාත්‍රී 06 ත් 10 ත් අතර කාලය තුළ මෙම මෙගාවොට් 63 ක ප්‍රමාණය විදුලි පද්ධතියට අහිමිවෙයි.

 

පස්වරු 06 ත් රාත්‍රී 10 ත් අතර කාලය තුළ මෙරට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,600 ක් පමණ වනවා. එහෙත් ඊයේ දින මෙම කාලය තුළ මෙරට විදුලි ඉල්ලුම මෙගාවොට් 2,607 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

කෙසේවෙතත් නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රියවීම, වර්ෂාව නොමැතිවීම හේතුවෙන් ජල විදුලිය උත්පාදනය අඩුවීම ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළම කාලය තුළ ප්‍රධාන විදුලි පද්ධතියෙන් මෙගාවොට් 300 ක හිඟයක් පවතිනවා.

views

610 Views

Comments

arrow-up