මිලියනයකට අධික රන් භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙකු අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

මිලියනයකට අධික රන් භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙකු අල්ලයි

මිලියනයකට අධික රන් භාණ්ඩ කොල්ල කෑ දෙදෙනෙකු අල්ලයි

තණමල්විල ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 13 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය සමත් වී තිබේ.

 

නිවැසියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව කතරගම සහ තණමල්විල ප්‍රදේශවල පදිංචි 43 සහ 30 වියැති සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔවුන් සතුව තිබී සොරකම් කල ආභරණ වලින් කොටසක් පොලිසිය සොයාගත් අතර ඉතිරි කොටස අලෙවි කර තිබියදී නැවත සොයාගැනුණි.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි

views

586 Views

Comments

arrow-up