අත්අඩංගුවට ගත් රමිත් රඹුක්වැල්ල ජූනි 3වනදා තෙක් රිමාන්ඩ්

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැමිණිලි තුනකට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ජූනි මස 3වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුගෙන ඊයේ(21) ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
අල්ලස් කොමිසමින් නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා බවත්, ඔහු හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය.
මෙම සැකකරු විසින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්යය මණ්ඩලය සඳහා පුද්ගලයින් 15 දෙනකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙස සිය අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලැයිස්තුවක් යොමු කර තිබූ බව නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
එම පුද්ගලයින් 15 දෙනා කිසිදිනක අමාත්‍යාංශයේ සේවය කර නොමැති අතර, ඔවුන් එම තනතුරු සඳහා පත්කර තිබෙන්නේ නාමිකව බවත් ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අතිකාලා දීමනා සියල්ල පිළිමතලාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික බැංකුවක ගිණුමකට බැරකර තිබෙන බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද එම නිලධාරීන් පැවසීය.
65 Views
Comments