දැනට අප සතුව පවතින ඉන්ධන තොග ක්‍රමවත්ව බෙදාහරින්න - ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනට ලංකාව සතුව ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධනහල් වෙත බෙදාහැරීම පිළිබඳව අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරයා අද (17) ජනාධිපති මන්දිරයේ පෙට්‍රල්, ඩීසල්, ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවේ දී මේ බව පවසා ඇත.
තවද රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දායක කරගෙන මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුව එක්ව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග ඇණවුම් කිරීමට අදාළව ණයවර ලිපි නිකුත් කිරීම සඳහා සැලසුම් සකස් කළයුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය .
215 Views
Comments