වංගුව කෙළින් කරන්න ගිය අධිවේගී මෝටර් රිය තවත් රථයක ගැටී කාර්මික විද්‍යාල සිසුවා මරුට

කිරිවත්තුඩුව, යකහලූව පාසල ඉදිරිපිට ඊයේ (24) අලූයම මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි සිටි 18 හැවිරිදි තරුණයෙකු මරුමුවට පත්ව ඇතැයි මොරගහහේන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ මීවනපලාන, දඹර, වට්ටාගල, අංක 101/3 හි පදිංචි කෝට්ටේගොඩ විතානගේ භවන්ත ප්‍රමෝද් නමැති කාර්මික විද්‍යාලයේ සිසුවෙකි.
මියගිය තරුණයා මිතුරෙකුගේ සාදයකට සහභාගි වී තවත් මිතුරන් තිදෙනෙකු සමඟ මෝටර් රථයකින් කිරිවත්තුඩුව දෙස සිට මොරගහහේන දෙසට යමින් සිටියදී, මොරගහහේන දෙස සිට කිරිවත්තුඩුව දෙසට ධාවනයවූ තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය අධික වේගයෙන් ගමන් කර ඇති අතර එම ස්ථානයේ පිහිටි වංගුවේ නිසි ලෙස මෝටර් රථය ධාවනය කිරීමට නොහැකි වීමෙන් විරුද්ධ මංතීරුවේ ධාවනය වූ මෝටර් රථයේ ගැටී අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තරුණයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් බීමත්ව සිට ඇති බවට පොලිසිය සැක පලකරයි.
අනතුරෙන් තුවාල ලැබූ තරුණයින් තිදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එහි සිටි එක් තරුණයෙකු මෙලෙස මියගොස් ඇත.
අනතුරට සම්බන්ධ අනෙක් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
718 Views
Comments