වජිරගෙන් විශේෂ හෙලිදරව්වක්

සංවර්ධිත ලංකාවක ඉලක්කය ජය ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා රටෙි ජනාධිපති කරන්න ජනතාව අසමත් වූ නමුත් දැන් ඒ දේ සිදු කෙරෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.
රට හදන්න නම් ප්‍රමුඛත්වය දිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා වසර 20ක් අඛණ්ඩව ඉදිරියට යන ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා ගැනීමට බව ද වජිර අබේවර්ධන සඳහන් කළේය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල දිස්ත්‍රික් එජාප ක්‍රියාකාරී හමුවකට සහභාගී වෙමිනි.
”වජිර ඩීල් කාරයා කියලා සමහර අය මටත් කියනවා. ඩීල් බැරි නම් එයාට දේශපාලනය බෑ.
නායකතුමා ඩීල් කාරයා, වජිර ඩීල් කාරයා කියනවා. ඩීල් එකක් නැති නම් දේශපාලන ස්ථාවරත්වයක් නැහැ.
ආර්ථිකයට ඩීල් එකක් ගහන්න බැරි නම් ආර්ථිකය ගොඩගන්නත් බැහැ”යනුවෙන් ද අබේවර්ධන මහතා පැවසීය.
608 Views
Comments