රටේ ඉන්ධන මිල දන්නෙත් නෑ - ප්‍රශ්න වලින් ෆේල් වුණ කැබිනට් ඇමති
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
16

රටේ ඉන්ධන මිල දන්නෙත් නෑ - ප්‍රශ්න වලින් ෆේල් වුණ කැබිනට් ඇමති

රටේ ඉන්ධන මිල දන්නෙත් නෑ - ප්‍රශ්න වලින් ෆේල් වුණ කැබිනට් ඇමති

තෙල් මිල සහ ගෑස් මිල නොදන්නා කැබිනට් අමාත්‍යවරයෙකු පිළිබඳ පෙරේදා(15) අසන්නට ලැබිණි.

 

පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට එක්වූ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙකු වන එස්. එම්. චන්ද්‍රසේන මහතාගෙන් මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්න තුනටම ඔහුට පිළිතුරු දීමට නොහැකි විය.

 

ප‍්‍රශ්නය:- අද වනවිට ඩීසල් කීයද?

 

ඇමැති:- දන්නේ නැහැ.

 

ප‍්‍රශ්නය:- පෙට්‍රල් කීයද?

 

ඇමැති:- රු. 255 යි.

 

ප‍්‍රශ්නය:- ගෑස් මිල කීයද?

 

ඇමැති:- රු. 2350ක් විතර

 

ඇමැතිවරයා ප‍්‍රශ්නවලට දීපු උත්තර වැරදිය.

 

අද වනවිට රටේ භාණ්ඩවල මිලවත් නොදන්නා ඇමැතිවරුන් ජනතාව විඳින දුක නොදන්නා අයුරු ඉන් පැහැදිලිවේ.

views

730 Views

Comments

arrow-up