“මං එංගලන්තේ ඉගෙනගන්නකොට පන්තියේ අන්තිමයා” - සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

“මං එංගලන්තේ ඉගෙනගන්නකොට පන්තියේ අන්තිමයා” - සජිත්

“මං එංගලන්තේ ඉගෙනගන්නකොට පන්තියේ අන්තිමයා” - සජිත්

තමන් ශ්‍රී ලංකාව තුල අධ්‍යාපන ලබද්දී ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ තැනක සිටිය ද එංගලන්තයේ දී අධ්‍යාපනය ලබන විට පන්තියේ අන්තිමයා වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

 

කෙසේ වෙතත් තමන් භාෂා විද්‍යාගාර වැනි ක්‍රමයන් භාවිතා කර ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගත් බවද හෙතෙම පැවසීය.

 

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ මහරගමදී පැවති ජන වැඩසටහනක් අමතමිනි.

 

“මමත් ශාන්ත තෝමස් විද්‍යාලයේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබපු ශිෂ්‍යයෙක්. ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යෙන් මම ඉහළම තලයක හිටියේ. නමුත් මගේ සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ඒංගලන්තයේ ක්‍රියාත්මක කරන කොට ඉංග්‍රීසි භාෂා ක්ෂේත්‍ර යේ ඒම පංතියේ මම අන්තිමයා. නමුත් මම මෙහේ ඉහළින්ම හිටියා.

නමුත් මට භාෂා විද්‍යාගාර මට උදව් කළා මගේ සාක්ෂරතාව දියුණු කරන්න. මම ජාත්‍යන්තර තලයේ පුවත්පත් කිව්වා. හැමදාම රෑට ඉංග්‍රීසි පුවත් බැලුවා. මගේ තාත්තත් ඒ් දේ කළා. මගේ තාත්තා මට කිව්වේ හැමදාම අලුත් ඉංග්‍රීසි වචන 10ක් ඉගෙන ගන්න කියලා”

views

197 Views

Comments

arrow-up