නිවසට එන අතර මග සිට පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා - සැකකරු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
08

නිවසට එන අතර මග සිට පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා - සැකකරු අත්අඩංගුවට

නිවසට එන අතර මග සිට පහරදී පුද්ගලයෙකු ඝාතනය කරලා - සැකකරු අත්අඩංගුවට

අම්බලංගොඩ, කන්දෙගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

 

පසුගිය 05වනදා රාත්‍රියේ ත්‍රිරෝද රථයෙන් කූලී ගමනක් ගොස් එම ත්‍රිරෝද රථය ඥාතියෙකුගේ නිවසේ නවතා, නැවත නිවසට එන අතරතුර කන්දෙගොඩ දුම්රිය හරස්මාර්ගය අසලදී එම පුද්ගලයාට පහරදී ඇති බව අනාවරණය වී ඇත.

 

අනතුරුව තුවාලකරුව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට යොමුකිරීමේදී ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයාට අතින් පයින් පහරදී තුවාල සිදුකර තිබු බවයි.

 

මෙලෙස මිය ගොස් තිබෙන්නේ 71 හැවිරිදි කන්දෙගොඩ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරු ඊයේ(07) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

637 Views

Comments

arrow-up