බඩගින්නට පොලොස් ගෙඩි 6ක් කඩා දවස් 14ක් හිරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

බඩගින්නට පොලොස් ගෙඩි 6ක් කඩා දවස් 14ක් හිරේ

බඩගින්නට පොලොස් ගෙඩි 6ක් කඩා දවස් 14ක් හිරේ

නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තක කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් හොරෙන් කැඩූ බව කියන සැකකරුවෙකු මාර්තු මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් සිරිපාල ඇම් පතිරණ මහතා ඊයේ(28) නියෝග කරනු ලැබුවා.

 

 

නිට්ටඹුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති වත්තකට ඊයේ පස්වරුවේ හොරෙන් ඇතුල් වී එහි ඇති කොස් ගසකින් පොලොස් ගෙඩි හයක් කඩා ගෙන පැනයාමට උත්සාහ ගත් අවස්ථාවේ වත්තේ හිමිකාර ව්‍යාපාරිකයාගේ උපදෙස් පරිදි එහි සිටි පිරිසක් විසින් සැකකරු අල්ලා නිට්ටඹුව පොලීසියට රැගෙන විත් භාර දුන් බව විවෘත අධිකරණයේදී අනාවරණය විය

views

799 Views

Comments

arrow-up