බළයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ – ප්‍රේම්නාත් සී. දොළවත්ත (VIDEO)

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට ලබාදීමට සම්බන්ධයෙන් පොදුජන පෙරමුණු පාර්ළිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ
''බලයෙන් ඉදිමිලා, බළයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ”
යනුවෙනනි
“අපි ජාතික සම්පත් විකුණන්නෙ නෑ කියලා ආපු ආණ්ඩුවක්.
අපට එහෙම අයිතියක් නෑ මේවා කරන්න.
ඒ නිසා ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් මේ සම්බන්ධයෙන් ජනතාවට කන්දෙන්න”
ඒ ගොල්ලො ඉතිං කියයි දෙනවාම කියලාත් කියයි.
නමුත් ඉතිං ඒවාවල ප්‍රතිඵල අපට භුක්ති විඳින්න වෙයි.
මොකද හේතුව, ජනතාව මෝඩ නෑ. ජනතාව මහින්ද රාජපක්ෂ කියන යුද්ධෙ දිනපු ඒ මහා නායකයාව 2015 පැරැද්දුවා.
ඊට පස්සෙ අවුරුදු දෙකක් ගියෙ නෑ, යහපාලන ආණ්ඩුව අවුරුදු දෙකෙන් පැරැද්දුවා.
ඒ වෙලාවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක හිටියෙත් නෑ.
ඉතිං ඒක නිසා එහෙම බලයෙන් ඉදිමිලා, බළයෙන් ඔළුව උදුම්මාගෙන වැඩ කරන්න බෑ”
යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කරනලදී.
800 Views
Comments