කුරුල්ලන්ට තැබූ වෙඩිල්ලෙන් කටුනායක ගුවන්තොටේ 3කට තුවාල

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ධාවන පථය අසල ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුලු රංචුවක් පලවා හැරීම සඳහා එල්ල කළ අහස් කූරු වර්ගයට අයත් පුපුරන ද්‍රව්‍ය සහිත වෙඩි ප්‍රහාරයක් යළිත් නොපිපිරී කැබ් රථයක් මතට ඇදවැටී පිපිරීමෙන් 20දා දහවල් ගුවන්තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කළ බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේය.
ගුවන්තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් ගුවන් ගමන්වලට බාධා වන අයුරින් පියාසලමින් සිටින බවට කටුනායක ගුවන්තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් වෙත ඊයේ දහවල් 11.45 ට පමණ තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව එම නිලධාරීන් තිදෙනකු කැබ් රථයකින් ගුවන් ධාවන පථය අසලට ගොස් එම පක්ෂි රංචුව පලවා හැරීමට අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම වෙඩිල්ල නොපිපිරී යළිත් එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී තිබේ. ඒ වනවිටත් තවත් එවැනි වෙඩි කීපයක් රථය තුළ තිබී ඇති අතර ඒවා ද එකවරම පිපිරීමෙන් හදිසි ගින්නක් ඇති වී තිබේ.
ඒ සමගම කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කීපයක් යොදා ගනිමින් එම ගිනි ගැනීම මැඬපවත්වා තිබේ.
මෙම සිදුවීමෙන් මේ වනවිට කටුනායක ගුවන්තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එම නිලධාරීන් ගමන් කළ කැබ් රථයට ද හානි සිදු වී තිබේ.
145 Views
Comments