මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනයවූ දුම්රියේ මැදිරියකින් සොයාගත් දේ

මරදාන සිට බෙලිඅත්ත බලා අද පෙරවරුවේ ධාවනයවූ දුම්රියේ මැදිරියක තිබී තුවක්කුවක මැගසිනයක් හා ටී 56 ජීව උණ්ඩ 57ක් හමුවී ඇත.
මැදිරියක ආසනයක් යට කළු පැහැති බෑගයක තිබූ මෙම පතුරම් දුම්රිය සේවකයකු විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව බෙලිඅත්ත පොලිසියට දැනුම්දී පොලිස් සුනකයින් යොදා පරීක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් බෙලිඅත්ත සිට මහනුවර දක්වා ධාවනය වීමට නියමිත මෙම දුම්රිය ප්‍රමාදයක් ඇතැයිද සඳහන් කරයි.
172 Views
Comments