දියණියට අමානුෂික ලෙස පහර දුන් පියා අත්අඩංගුවට

ගාල්ල කටුගොඩ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දුන් පියෙකු ගාල්ල වරාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ එම දැරිය පාසල් ගුරුවරියන් දෙදෙනකු සමඟ පැමිණ පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.
මීට මාස කිහිපයකට පෙර වේයන්ගොඩ ප්‍රදේශයේ දී ආධ්‍යාත්මික බලයෙන් රෝග සුව කරන පුද්ගලයෙකුගෙන් වේවැල් පහර කෑමට ලක්ව මිය ගිය 09 හැවිරිදි දැරිය මෙම සිසුවියගේ නැගණියයි.
එම සිද්ධියට අනුබල ලබාදීමේ චෝදනා මත දැරියගේ මව මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ
මේ නිසා දැරිය පියා සහ මිත්තණිය සමඟ නිවසේ ජීවත්වේ.
වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ මෙම දැරියට පියා විසින් කලක සිට දිගින් දිගටම අමානුෂික ලෙස පහර දී ඇති බවයි.
239 Views
Comments