කරන්න රැකියාවක් නෑ, කන්න බොන්න සල්ලි නෑ - එක්දරු පියා කෝච්චියට දිවි දෙයි

පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් රැකියාවක් නොමැතිව අසරණවූ 25 හැවිරිදි එක් දරු පියෙකු මැදවච්චියේදී රේල් බස් රථයට බෙල්ල තබා සිය දිවි නසාගෙන ඇත.
මෙලෙස මිය ගොස් තිබෙන්නේ යකාවැව, මැදවච්චිය ලිපිනයේ පදිංචි සුජිත් දිල්ශාන් ජයසේන නමැති 26 හැවිරිදි එක් දරු පියෙකි.
මොහු කිසිදු අඩ දබරයකින් තොරව නිවසේ සිට පසුගිය 01 වෙනිදා උදෑසන 7ට පමණ පැමිණ මන්නාරම් පාර, යකාවැව දුම්රිය හරස් මාර්ගයේ සිට මීටර් 200ක් පමණ දුරට ගොස් දුම්රියක් එන තුරු බලා සිට තිබේ.
ඒ මොහොතේ තලෙයිමන්නාරම් සිට අනුරාධපුර බලා ධාවනය කරමින් තිබූ රේල් බස් රථය පැමිණ ඇති අතර එහි රියැදුරු නොසිතු ලෙසඑක් වරම මෙම පුද්ගලයා රේල් පාරට දිවවිත් රේල් පීල්ලට අත තබා ඒ මත හිස තබා ඇත.
එම අවස්ථාවේදී රේල් බස් රථය නවතා ගැනීමට නොහැකි වූ බව එම රේල් බස් රථයේ දුම්රිය රියැදුරා පැවසීය.
318 Views
Comments