ගෑස් සිලින්ඩර් පිරවූ ලොරිය ගසක හැපී සිදුවූ අනතුරින් හතරකට බරපතළයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

ගෑස් සිලින්ඩර් පිරවූ ලොරිය ගසක හැපී සිදුවූ අනතුරින් හතරකට බරපතළයි

ගෑස් සිලින්ඩර් පිරවූ ලොරිය ගසක හැපී සිදුවූ අනතුරින් හතරකට බරපතළයි

කුරුණෑගල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාරියපොළ නගරය ආසන්නයේදී පෙරේදා (29) රාත්‍රී 11.30ට පමණ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් රථයක් මාර්ගය අසල ගසක හැපී සිදුවූ මාරක අනතුරකින් රියැදුරු ඇතුළු සිව්දෙනකු බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

 

තුවාලකරුවන්ගෙන් එක් අයකුගේ පාදයක් සිරවී තිබූ අතර ඔහුව බේරා ගැනීමට එම ස්ථානයේ සිටි පිරිස පැය 05ක පමණ කාලයක් වෙහෙසුණු බවත්, ගසේ කොටස් කපා ඔහුව ඉවතට ගෙන අලුයම 5ට පමණ රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් වාරියපොළ පොලිසිය පවසයි.

 

කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් රැගත් කන්ටේනර් රථය අනුරාධපුර සිට ගෑස් බෙදාහැරීම සඳහා ගමන් කරමින් සිටි අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණපා තිබිණි.

 

කන්ටේනර් රථයේ රියැදුරුට අමතරව රියැදුරු සහායක හා ගෑස් ටැංකි බෑමේ කටයුතුවල නිරත වන සේවකයන් දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, ඔවුහු අවුරුදු 28 -35ත් අතර වයසේ පසුවන බවත් පොලිසිය පවසයි.

 

ගෑස් ටැංකි පැද්දීම නිසා කන්ටේනර් රථය පාලනය කරගත නොහැකිවීමෙන් රථය ගසේ වැදී අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි. අනතුරින් කන්ටේනර් රථයට දැඩි හානි සිදුවී ඇතැයිද ඒ මහතා කීය. කන්ටේනර් රථයේ ගෑස් සිලින්ඩර් කීපයක්ද පිටතට වීසිවී තිබූ බවත්, ඒවායින් ගෑස් සිලින්ඩර් 5ක පමණ ගෑස් කාන්දුවීමට පටන් ගැනීමත් සමග ඒවා මහත් පරිශ්‍රමයක් දරා කැලෑ පෙදෙසට රැගෙන ගොස් ආරක්ෂිත පියවර අනුගමනය කළ බවත් පොලිසිය පැවසීය.

views

134 Views

Comments

arrow-up