ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණි ඊශ්‍රායල ජාතිකයින් පිරිසක් ආපසු හැරී යති

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් යළි පිටත්ව ගොස් තිබේ.
ආරුගම්බෙ ප්‍රදේශයට එල්ල වීමට සැළසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙන්ම ඊශ්‍රායල රජය විසින් ද ශ්‍රී ලංකාව තුළ තවදුරටත් රැදී සිටීම අවදානම් බව ප්‍රකාශ වීමත් සමග , මෙම ඊශ්‍රායල ජාතිකයන් පිරිස ආරක්ෂිතව කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඔවුන් පිටත් කර හැරීම සදහා පියවර ගෙන තිබුණි .
මෙම පිරිස අද අලුයම 03.03 ට ඩුබායි බලා පිටත්ව යන ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 570 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.
157 Views
Comments