ටියුෂන් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්දේශ ඉල්ලයි

සිසුන් සියයට අඩු උපකාරක පංති ආරම්භ කිරීමට අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ නිකුත් කරන මෙන් සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ.
එම සංගමයේ කළුතර දිස්ත්‍රික් සභාපති ඉසුරු මේනුක මහතා පවසන්නේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භවී සති දෙකක් ඇතුළත උපකාරක පංති ආරම්භ කිරීමටද හැකියාව පවතින බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,
“අපි දන්නවා මේ වනවිට රටේ සියලුම ක්ෂේත්‍ර විවෘත වෙමින් පවතින අවස්ථාවක උපකාරක පන්ති ක්ෂේත්‍රය පමණක් වැහිලා.
ඒ මත යැපෙන විශාල ගුරුවරු ප්‍රමාණයක්, ඒ මත යැපෙන විශාල පවුල් ප්‍රමාණයක් තියෙනවා.
අපි ඉල්ලන්නේ, සෞඛ්‍ය අංශවල නීතිරීති අනුව, රටේ ආරක්ෂක අංශවල නීතිවලට අනුව අපි පන්ති කරන්න සුදානම්.
ඒ වගේම අපේ ආයතනවල ඉන්න සියලුම සේවකයින් මේ වෙද්දි එන්නත් දෙකම ලබාගෙන ඉන්නේ.
ගුරුවරු සියලුම දෙනා එන්නත් දෙකම ලබාගෙන තියෙනවා.
ඉතින් අපි ඉල්ලන්නේ, ළමයින් 100ට අඩු පන්ති ආරම්භ කරන්න අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශය ඉක්මනින් ලබාදෙන්න කියලා.
එසේ ලබාදීමට අපොහොසත් වුණෙත් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශය පසු ගියවර ලබාදුන්න මාර්ගෝපදේශය අනුව පාසල් ආරම්භවී සති දෙකකට පසු අපි පන්ති ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.”
673 Views
Comments